Abstract:
ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලය (SLPC) වනාහී ශ්‍රී ලංකාව තුළ මඩකලපුව ප්‍රධාන කොට ගෙන ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කවලද හඳුනාගත හැකි දේශජ ක්‍රියෝල විශේෂයකි. ආගන්තුක ප්රතිපකෂ භාෂකයින් දෙදෙනෙකු අතර බිහිවන පොදු කාර්ය භාෂාව ලෙස පිජිනය (Pidgin) නිර්මාණය වී එම පිජිනය පාරම්පරිකව කිසියම් භාෂක සමාජයක මවු භාෂාව වීම හේතුවෙන් නිර්මාණය වන ක්‍රියෝලය (Creole) අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් කොට සැළකිය හැකි ය. මෙහි දී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කය ප්‍රධාන කොට ලබා ගත් දත්ත මත හඳුනාගත හැකි වූයේ ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලය මේ වන විට දමිළ භාෂාව වෙත විතැන් වීමක් පෙන්නුම් කරන බව යි. ඒ අනුව පෘතුගීසි ක්‍රියෝල භාෂකයින් තුළ දෙවන උපාර්ජිත මවු භාෂාව ලෙස දමිළ භාෂාවේ ඉස්මතු වීමක් විශේෂයෙන් පෘතුගීසි ක්‍රියෝලය ඉක්මවා යාමක් නූතනයේ අද වන විට දක්නට ලැබේ. ඒ අනුව ක්රියෝලහරණ අවධානමක් පෙන්වන අතර මේ නිසා මෙම ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝල භාෂකයින් පිළිබඳව අධ්‍යයනය නූතනයේ ඉතාම වැදගත් පර්යේෂණයක් ලෙස හඳුනාගත හැකි ය. ඒ අනුව ඔවුන්ගේ ගෘහස්ථ භාෂාව ලෙස පෘතුගීසී කි්රයෝලය භාවිතා කරන අතර එය ඔවුන්ගේ සමාජ සංස්කෘතික කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී අධ්‍යයනය කර ඇත. ඒ අනුව හඳුනාගත හැකි වූ ප්‍රධානතම සාධකය වන්නේ ඔවුන්ගේ ගෘහස්ථ භාෂාව වර්තමානයේ අදටත් පෘතුගීසි ක්රියෝලයම වන බව යි. විශේෂයෙන් ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ මානව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව මේ දක්වා පූර්ණ වශයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොවී ඇති හෙයින් මෙය ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ මානව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව කළ ප්‍රථම අධ්‍යයනය වනවා සේම වාග් විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව සිදු කළ නූතනම පර්යේෂණ අධ්‍යයනය වේ.