Abstract:
ගුණදාස අමරසේකරයන්ගේ කවි බස විමසීමේ දී ඔහු සිංහල කාව්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වු කවියෙකි. කොළඹ යුගයේ කවීන් අතට පත් සිංහල කාව්‍යය පිරිහෙමින් පැවතිණ. ඔවුහු ආකෘතිය අතින් ද ස්වරූපය අතින් ද වස්තු විෂය අතිනද භාෂාව අතින් ද අලංකාර අතින් ද පටු ක්ෂේත්රයකට වැටී සිටියහ. එබඳු අවස්ථාවක පහළ වු කවියා සිංහල කාව්‍යයෙහි වස්තු විෂයන් භාෂාවන් පෙරළියකට භාජනය කිරිමට තැත් කළේය. එම පෙරළිය සිංහල කවියේ අනාගතය කෙරෙහි බලපාන සුළුයි. නිසදැස් කවිය පිළිබඳව විමසා බැලීමේ දී ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වයක් හඳුනාගෙන ඇත. බොහෝ නිසදැස් කවීන් නිශ්චිත ආකෘතියක් ඔස්සේ නිසදැස් කාව්‍ය නිර්මාණය නොකළ බව තවදුරටත්
පැහැදිලි වේ. ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වය ගැන සාකච්ජා කළ හැකිය.මේ අධ්‍යනය තුළින් මා බලාපොරොත්තු වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමටය. ඒ සඳහා ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන් පාදක කොට ගෙන මේ අධ්‍යනය සිදු කර ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්ව ලක්ෂණ හඳුනා ගැනීමටය. මෙම අධ්‍යනය ප්‍රධාන වශයෙන් ද්වතීක දත්ත පාදක කොට ගෙන ඇත.