SEUIR Repository

වහරල ලිපි මඟින් හෙළිවන කි‍්‍ර.ව. 5, 6 සහ 7 වන සියවස්වල අක්ෂර භාවිතය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්.

Show simple item record

dc.contributor.author Rajanayaka, R. M. W. G. P.
dc.date.accessioned 2019-06-28T08:25:05Z
dc.date.available 2019-06-28T08:25:05Z
dc.date.issued 2018
dc.identifier.citation 8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 1198-1204. en_US
dc.identifier.isbn 978-955-627-141-6
dc.identifier.uri http://ir.lib.seu.ac.lk/handle/123456789/3617
dc.description.abstract මෙරටින් මෙතෙක් හමුව ඇති සෙල්ලිපි අතර නූතනය වන විට දැඩි කතාබහකට ලක් වූ සෙල්ලිපි විශේෂයක් වශයෙන් වහරල ලිපි හඳුනාගත හැකි ය. මේවා හුදෙක් සෙල්ලිපි විශේෂයක් නොවන අතර එහි අන්තර්ගත වහරල යන වචනය මත ගොඩ නගා ගත් අදහසක් බව කිව හැකි ය. මෙම වහරල යන වචනය අන්තර්ගතව විශාල ලිපි ප‍්‍රමාණයක් හමුවීමත් එම ලිපි වලින් කියැවෙන තොරතුරු පිළිබඳ විවිධ පුරාවිද්වතුන් විසින් එකිනෙකට වෙනස් ලෙස අර්ථකතනය කිරීමත් සමඟ නිරායාසයෙන්ම මේවා වහරල ලිපි යනුවෙන් හැඳින්වීමට පටන් ගෙන ඇත. බෙහෝමයක් වහරල ලිපි කි‍්‍ර.ව. 6 වන හා කි‍්‍ර.ව. 7 වන කාල සීමාවට අයත් වන බවත් ඇතැම් ලිපි කි‍්‍ර.ව. 5 වන සියවසෙහි ද රචනා වී ඇති හෙයින් මෙම ලිපි කි‍්‍ර.ව. 5, 6 හා 7 යන කාල සීමාවෙහි ලියවෙන්නට ඇතැයි අනුමාන කරති. කෙසේ නමුත් වහරල ලිපි හරහා අනාවරණය වන තත්කාලීන සමාජය, සමාජ පුරාවිද්‍යාත්මක මෙන්ම අභිලේඛන විද්‍යාත්මක තොරතුරු පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වන අතර ඒ සඳහා යොදා ගත් අක්ෂර භාවිතය පිළිබඳ මෙහි දී වාග්විද්‍යාත්මකව අධ්‍යයනයට ලක් කෙරේ. මෙහි දී දත්ත හ`දුනා ගැනීම ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලෙස ගෙන ඒ හරහා ශි‍්‍ර ලංකාවේ අනුරාධපුර වෙස්සගිරි පුරාවිද්‍යාත්මක භූමියේ හා අනුරාධපුර කුඩා රත්මලේ දක්නට ලැබෙන වහරල ලිපි මෙම පර්යේෂණය සඳහා විශේෂයෙන් යොදා ගත් අතර ඊට අමතරව නිලගම ලිපිය, නාගිරිකන්ද ලිපිය, කුඩාරත්මලේ ලිපිය, මැදගම විහාර ලිපිය, උට්ටිමඩුව ලිපිය, රිදී විහාර සැරසුම්ගල ලිපිය, සංගමුග විහාර ලිපිය, කන්දකාඩු ලිපිය ආදී ලිපි අධ්‍යයනය කොට ඇත. ද්විතීක මූලාශ‍්‍ර ලෙස එම ලිපිවල අඩංගු දත්ත එකතු කර ගැනීමට ක්ෂේත‍්‍ර ගවේශණය කළ අතර එමෙන්ම සම්මුඛ සාකච්ඡුා, ඡුායාරූප, දත්ත විශ්ලේෂණය කිරීම හා දත්ත ඉදිරිපත් කිරීම සිදු විය. මේ හරහා ශ‍්‍රී ලංකාවේ ”වහරල ලිපි” වල අක්ෂර භාවිතය වර්තමානයේ පවතින වාග්විද්‍යාත්මක න්‍යායන් ඔස්සේ අර්ථනිරූපනය කළ හැකි විය. ඒ අනුව වහරල ලිපි යනු කි‍්‍ර.ව. 5, 6 හා 7 යන සියවස් වල සිංහල භාෂාවෙහි එනම් වර්තමාන සිංහලයට ආවේණික වූ බොහෝ ලක්ෂණ වහරල ලිපි අයත් කාල වකවානුව තුළ දක්නට ඇති නිසා සිංහල භාෂා ඉතිහාසය සමබන්ධ වැදගත් යුගයක් ලෙස මෙය නම් කළ හැකි ය. en_US
dc.language.iso other en_US
dc.publisher South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. en_US
dc.subject වහරල ලිපි en_US
dc.subject සමාජ පුරාවිද්‍යාත්මක en_US
dc.subject අභිලේඛන විද්‍යාත්මක en_US
dc.subject වාග්විද්‍යාත්මක en_US
dc.subject වෙස්සගිරි en_US
dc.subject කුඩා රත්මලේ en_US
dc.title වහරල ලිපි මඟින් හෙළිවන කි‍්‍ර.ව. 5, 6 සහ 7 වන සියවස්වල අක්ෂර භාවිතය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search SEUIR


Advanced Search

Browse

My Account