???jsp.display-item.identifier??? http://ir.lib.seu.ac.lk/handle/123456789/3617
???org.dspace.app.webui.jsptag.ItemTag.full???
???org.dspace.app.webui.jsptag.ItemTag.dcfield??????org.dspace.app.webui.jsptag.ItemTag.value??????org.dspace.app.webui.jsptag.ItemTag.lang???
dc.contributor.authorRajanayaka, R. M. W. G. P.-
dc.date.accessioned2019-06-28T08:25:05Z-
dc.date.available2019-06-28T08:25:05Z-
dc.date.issued2018-
dc.identifier.citation8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 1198-1204.en_US
dc.identifier.isbn978-955-627-141-6-
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3617-
dc.description.abstractමෙරටින් මෙතෙක් හමුව ඇති සෙල්ලිපි අතර නූතනය වන විට දැඩි කතාබහකට ලක් වූ සෙල්ලිපි විශේෂයක් වශයෙන් වහරල ලිපි හඳුනාගත හැකි ය. මේවා හුදෙක් සෙල්ලිපි විශේෂයක් නොවන අතර එහි අන්තර්ගත වහරල යන වචනය මත ගොඩ නගා ගත් අදහසක් බව කිව හැකි ය. මෙම වහරල යන වචනය අන්තර්ගතව විශාල ලිපි ප‍්‍රමාණයක් හමුවීමත් එම ලිපි වලින් කියැවෙන තොරතුරු පිළිබඳ විවිධ පුරාවිද්වතුන් විසින් එකිනෙකට වෙනස් ලෙස අර්ථකතනය කිරීමත් සමඟ නිරායාසයෙන්ම මේවා වහරල ලිපි යනුවෙන් හැඳින්වීමට පටන් ගෙන ඇත. බෙහෝමයක් වහරල ලිපි කි‍්‍ර.ව. 6 වන හා කි‍්‍ර.ව. 7 වන කාල සීමාවට අයත් වන බවත් ඇතැම් ලිපි කි‍්‍ර.ව. 5 වන සියවසෙහි ද රචනා වී ඇති හෙයින් මෙම ලිපි කි‍්‍ර.ව. 5, 6 හා 7 යන කාල සීමාවෙහි ලියවෙන්නට ඇතැයි අනුමාන කරති. කෙසේ නමුත් වහරල ලිපි හරහා අනාවරණය වන තත්කාලීන සමාජය, සමාජ පුරාවිද්‍යාත්මක මෙන්ම අභිලේඛන විද්‍යාත්මක තොරතුරු පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වන අතර ඒ සඳහා යොදා ගත් අක්ෂර භාවිතය පිළිබඳ මෙහි දී වාග්විද්‍යාත්මකව අධ්‍යයනයට ලක් කෙරේ. මෙහි දී දත්ත හ`දුනා ගැනීම ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලෙස ගෙන ඒ හරහා ශි‍්‍ර ලංකාවේ අනුරාධපුර වෙස්සගිරි පුරාවිද්‍යාත්මක භූමියේ හා අනුරාධපුර කුඩා රත්මලේ දක්නට ලැබෙන වහරල ලිපි මෙම පර්යේෂණය සඳහා විශේෂයෙන් යොදා ගත් අතර ඊට අමතරව නිලගම ලිපිය, නාගිරිකන්ද ලිපිය, කුඩාරත්මලේ ලිපිය, මැදගම විහාර ලිපිය, උට්ටිමඩුව ලිපිය, රිදී විහාර සැරසුම්ගල ලිපිය, සංගමුග විහාර ලිපිය, කන්දකාඩු ලිපිය ආදී ලිපි අධ්‍යයනය කොට ඇත. ද්විතීක මූලාශ‍්‍ර ලෙස එම ලිපිවල අඩංගු දත්ත එකතු කර ගැනීමට ක්ෂේත‍්‍ර ගවේශණය කළ අතර එමෙන්ම සම්මුඛ සාකච්ඡුා, ඡුායාරූප, දත්ත විශ්ලේෂණය කිරීම හා දත්ත ඉදිරිපත් කිරීම සිදු විය. මේ හරහා ශ‍්‍රී ලංකාවේ ”වහරල ලිපි” වල අක්ෂර භාවිතය වර්තමානයේ පවතින වාග්විද්‍යාත්මක න්‍යායන් ඔස්සේ අර්ථනිරූපනය කළ හැකි විය. ඒ අනුව වහරල ලිපි යනු කි‍්‍ර.ව. 5, 6 හා 7 යන සියවස් වල සිංහල භාෂාවෙහි එනම් වර්තමාන සිංහලයට ආවේණික වූ බොහෝ ලක්ෂණ වහරල ලිපි අයත් කාල වකවානුව තුළ දක්නට ඇති නිසා සිංහල භාෂා ඉතිහාසය සමබන්ධ වැදගත් යුගයක් ලෙස මෙය නම් කළ හැකි ය.en_US
dc.language.isootheren_US
dc.publisherSouth Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka.en_US
dc.subjectවහරල ලිපිen_US
dc.subjectසමාජ පුරාවිද්‍යාත්මකen_US
dc.subjectඅභිලේඛන විද්‍යාත්මකen_US
dc.subjectවාග්විද්‍යාත්මකen_US
dc.subjectවෙස්සගිරිen_US
dc.subjectකුඩා රත්මලේen_US
dc.titleවහරල ලිපි මඟින් හෙළිවන කි‍්‍ර.ව. 5, 6 සහ 7 වන සියවස්වල අක්ෂර භාවිතය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්.en_US
dc.typeArticleen_US
???org.dspace.app.webui.jsptag.ItemTag.appears???8th International Symposium - 2018

???org.dspace.app.webui.jsptag.ItemTag.files???
???org.dspace.app.webui.jsptag.ItemTag.file??? ???org.dspace.app.webui.jsptag.ItemTag.description??? ???org.dspace.app.webui.jsptag.ItemTag.filesize??????org.dspace.app.webui.jsptag.ItemTag.fileformat??? 
Full papers 6 - Page 113-119.pdf173.84 kBAdobe PDF???org.dspace.app.webui.jsptag.ItemTag.thumbnail???
???org.dspace.app.webui.jsptag.ItemTag.view???


???jsp.display-item.copyright???