Please use this identifier to cite or link to this item: http://ir.lib.seu.ac.lk/handle/123456789/3415
Title: A linguistics study of the Vedda’s language’s basic language features
Other Titles: වැදි භාෂාවේ මූල භාෂාත්මක ලක්ෂණ පිළිබඳ වාග් විද්‍යාත්මක අධ්‍යයනයක්
Authors: Rajanayaka, R.M.W.G.P.
Keywords: වැදි භාෂාව
මාතෘ භාෂා
මූල භාෂාත්මක ලක්ෂණ
පරිණාමය
Issue Date: 29-Nov-2018
Publisher: Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka
Citation: 5th International Symposium. 29 November 2018. Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka, pp. 366-372.
Abstract: වැදි භාෂාව නූතනයේ දී මාතෘ භාෂාවල දැඩි බලපෑමට ලක්වුවත් එහි ස්වාධීනත්වය හඳුනාගත හැකි අවස්ථාවක් ලෙස වැදි භාෂාවෙහි මූල භාෂාත්මක ලක්ෂණ දැක්විය හැකි ය. බොහෝවිට වැදි භාෂාවෙහි ප‍්‍රභවය සම්බන්ධයෙන් ජර්මන් ජාතික රුඩොල්ප් විර්චෝ, සෙලිස්මාන් යුවල හා නන්දදේව විජේසේකර, ඊxඇම්. රත්නපාල, දයානන්ද බිනරගම වැනි විද්වතුන් අතින් පර්යේෂණයන් සිදු වී ඇත. එහෙත් එම අදහස් එකිනෙකට පරස්පර වන අතර වැදි භාෂාවෙහි මූල භාෂාත්මක ලක්ෂණ කෙසේ ද, එහි භාවිතය කෙබඳු ද, රූපයක් ලෙස වැදි භාෂාවටම ආවේණිකව පවතින්නේ කෙසේ ද, රූප විකාශය කෙසේ සිදු වී ද යන්න පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු වී නොමැත. එබැවින් කලක් විවිධ අධ්‍යයනයන්ට හේතු වූ වැදි භාෂාව පැවැති සහ පවතින ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක අවශ්‍යතාවය මතු විය. මේ සඳහා ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලෙස ක්ෂේත‍්‍ර අධ්‍යයනය, (දිඹුලාගල, දළුකාන*, සම්මුඛ සාකච්ඡුා දැක්විය හැකි අතර ද්විතීයික මූලාශ‍්‍ර වශයෙන් පුස්තකාල පරිහරණය හා ග‍්‍රන්ථ පරිශීලන අධ්‍යයනය පෙන්වා දිය හැකි ය. වාර ස`ගරා, පුවත්පත්, අන්තර්ජාලය, හා දේශන සටහන් තෘතීයික මූලාශ‍්‍ර වේ. වැදි භාෂාව 19 වන සියවසේ දෙවන භාගයේ දී ලෝකයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර එය ස්වාභාවික පරිණාමයේ ඵලයක් ලෙස පවතින අදටත් ස්වාධීනව පවත්නා භාෂාවකි. විශේෂයෙන් වැදි භාෂාවේ මූල භාෂාත්මක ලක්ෂණ නිර්මාණය සඳහා දේශජ භාෂා වල දායකත්වය ඉතා ප‍්‍රභලව ලැබී ඇත. එමෙන්ම අවිඥානිකව සිදු වී ඇති වෙනස්කම් හා හිතාමතා කරන ලද වෙනස්කම් වැදි වහරට එක් වී ඇති බව ද පෙනේ.
URI: http://ir.lib.seu.ac.lk/handle/123456789/3415
ISSN: 978-955-627-135-5
Appears in Collections:5th International Symposium of FIA-2018

Files in This Item:
File Description SizeFormat 
PROCEEDINGS2018-368-373.pdf350.04 kBAdobe PDFThumbnail
View/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.